උත්ථාන සමයේ සය වන ඉරුදින සුබ අස්නේ මෙනෙහි කිරීම
මැයි මස දස වැනිදා - May 10th, 2015
මැයි මස දස වැනිදා - May 10th, 2015
කීම බැදිවල යන්නේ මංමුලා වූ පුතකු සේ ?
ක්‍රියා 10:25-26, 34, 35,44-48; තෙහිලි ගී 98: 1-4; 1 ජුවාම් 4:7-10; ජුවාම් 15:9-17
ගිය ඉරිදා අපට ක්‍රිස්තු තුමන්ගෙන් ආරාධනය ලැබුණා මිදී වැලට අතු යා වී තිබෙන්නාක්මෙන් එතුමන් හා යා වී සිටින්නට.අද උපහැරණ වලින් තොරවම එතුමන් අපට ආරාධනය කරනවා එතුමන්ගේ ආදරය සමගින් බද්ධ වන ලෙසට. එපමණකුත් නොව, අපට එසේ තමන් වහන්සේගේ ආදරයට එකතු වන්නට ආරාධනය කරන්නේ ඇයිද යන්නත් එතුමන් විස්තර කරනවා.
සාමාන්‍යයෙන් අප වටා පිරිසක් එකතු වී සිටීම ගැන අප සතුටු වෙන්නේ එය අපට ශක්තියක් සහ ආරක්ෂාවක් වන නිසා. සමහරු තමන්ගේ පිරිස් බලය පෙන්වීම සඳහාත් තමන් වටා පිරිස් රැස් කර ගන්නවා. එහෙත්, ක්‍රිස්තු තුමන් පෙන්වා දෙන ආකාරයට තමන් වහන්සේ වටා රැස් වන්නට එතුමන් අපට ආරාධනය කරන්නේ තමන් තුළ ඇති අඩුවක් පිරිමහ ගන්නට නොවෙයි, එතුමන් සහ යා වී සිටීමෙන් පමණක් අපට ලබා දිය හැකි බොහෝ දේ එතුමන් සතුව ඇති නිසායි. පියාණන් වහන්සේ සමග බද්ධ වී සිටීම නිසා තමන් තුල ඇති ප්‍රීතිය, අපට දානය කිරීම තුළින් අපගේ ප්‍රීතිය සම්පුර්ණ කිරීමයි එතුමන්ගේ අරමුණ.
ආරාධනය කිරීමෙන් පමණකින් නොනැවතී, තුමන් සමග එක්ව සිටීම සඳහා අප කල යුතු දෙයත් අද එතුමන් අපට කියා දෙනවා. එනම්, පියාණන් වහන්සේ ට කීකරු වීමයි. තමන් වහන්සේගේ කැමැත්තට එරෙහිව පියාණන් වහන්ස්ගේ කැමැත්තට යටත් වීම නිසා තමන්ට අයත් වූ මහිමය මෙන්ම, එසේ නොවිණි නම් සිදු වන්නට ගිය නැස්පත්තිය ගැනත් එතුමන් හොඳාකාරවම දන්නා නිසයි මෙසේ පෙරැත්ත කරමින් අපටත් තමන් සමග එකතු වන්නට ආරාධනය කරන්නේ.
එතුමන්ගේ මෙම ආරාධනය සීමිත පිරිසකට නොවෙයි. අද පළමු කියවීමෙන් ඒ බව පෙන්වා දෙනවා. තමන් වහන්සේ අනුව එන්නට කැමති ඕනෑම කෙනෙකුට එතුමන්ගේ ප්‍රීතිය බෙදා ගත හැකියි. පියාණන් වහන්සේගේ පණතට කීකරු වන්නට - එනම්, එකිනෙකාට ආදරය කරන්නට - සුදානම් ඕනෑම කෙනෙකුට එතුමන්ගේ ප්‍රීතියට පංගු කාරයෙක් වෙන්නට පුළුවනි.
ආරාධනයත් තිබේනම්; කල යුතු දේත් දනීනම්; කීම විඳවමින් ඉන්නේ; පියකු නැති දරු කැලක් සේ?
Saints Page
Prayer :දයාබර ජේසුනී , අප ආදරය අඳුනා ගන්නටත් කළින් අපට ආදරය කළ ඔබට ආදරය කරන්නටත්, ඔබ අපට ආදරය කළ සේ අපගේ සොහොයුරන් හට ආදරය කෙරීම තුළින් ඔබගේ ප්‍රීතියට හිමි කරුවන් වන්නටත් අපට බලය දුන මැනව.