2019 ජුනි 04, අඟහරුවාදා
පියාණන් මහිමයට පත්කිරීම
පාස්කු සමයේ 7 වන සතිය
පියාණන් මහිමයට පත්කිරීම
පාස්කු සමයේ 7 වන සතිය
Acts 20:28-38; Psalm 68:29-30, 33-36; John 17:11-19
Link to Readings
ක්‍රියා 20:17-27; ගීතාවලියේ 68:10-11, 20-21; ජුවාම් 17:1-11
අද දිව්‍ය පූජාවේදී අපට අසන්නට ලැබෙනවා සමු ගැනීමේ කතාවන් දෙකක්. එකක් පාවුළු තුමාගෙන්. අනෙක ජේසු සමිඳුන්ගෙන්. පාවුළු තුමා අන්යා ජාතීන් අතර සිය සේවාව නිමවා, පෙන්තකොස්ත මංගල්‍යයට සහභාගී වීම සඳහා ජෙරුසලෙමට යන්නට සුදානම් වෙනවා. ජේසුතුමා මෙලොව සිය මෙහෙවර සම්පුර්ණ කිරීම සඳහා කුරුසියට යන්නට සුදානම් වෙනවා. මොන යම් අයුරකින් හෝ දෙදෙනාම කතා කරන්නේ දෙවිඳුන් මහිමයට පැමිණවීම ගැනයි.
දෙවිඳුන් මහිමයට පැමිණවීමේ ලා ඇති හොඳම මෙන්ම එකම මගත්, එතුමන් අපව මෙලොවට එවීමේදී භාර දුන් කාර්යය පුර්ණත්වයට පැමිණවීමයි. දෙවිඳුන් නොහඳුනන කිසිවකු පිලිබඳව තමන්ගේ වගකීමක් නැතැයි පවසන්නට තරමින්, පාවුළු තුමා සෙනඟට කිතු සමිඳුන්, ශුද්ධාත්මයානන් සහ දෙවි පියාණන් හඳුන්වා දීමට සිය දිවි කැප කර තිබුණා. ජේසුතුමා, පියාණන් විසින් තමන් හට භාර දෙනු ලැබ, තමා විසින් රැක බලා ගනු ලැබූ හැම කෙනෙක්වම පියාණන් වෙත නැවත භාර කරනවා ඔවුන් සැම තමන් සහ පියාණන් සමඟ එක්කෙනෙක් වෙන්නට සලස්වන ලෙස පියාණන්ගෙන් යදිමින්.
අප හැම කෙනෙකුටමත්, මොවුන් ලෙසින් සතුටින් සහ පියාණන් භාර දුන් කාර්යය ඉටු කල අන්දම ගැන සෑහිමෙන් මරණයට මුහුණ දිය හැකිනම්, අපේ මරණ මංචකයේදී දෙවී පියාණන් මහිමයට පත් කරවන අතරේ, ස්වර්ගීය මහිමයට උරුමකම් කියන්නට අපට හැකි වෙනවා. ඒ සඳහා ශුද්ධාත්ම වරම් සහ සහය පතන්නට අමතක නොකරමු.