2019 ජුනි 23
කිතු සමිඳුන්ගේ ශ්‍රී ශරීරයේ සහ රුධිරයේ මංගල්‍යය
ජීවන දායක පූපය

Genesis 144: 18-20; Psalm 110:1-4;1 Corinthians 11:23-26; Luke 9:11-17
Link to Readings
දිව්‍ය සත්ප්‍රසාදය ස්ථාපිත කරනු ලැබීම අහඹු සිදුවීමක් නොවේ. එය ජේසුතුමා විසින් සිය මරණයෙන් පසු තමා සිහිවීම සඳහා තබා ගිය සිහිවටනයකුත් නොවේ. පූජකවරය මෙන්ම දිව්‍ය සත්ප්රසාදයත් අනාදියේ සිටම සැලසුම් කරනු ලැබුවක්.
දිව්‍ය සත්ප්‍රසාදයේ පළමු පෙර හුරුව සිදුවුයේ පළමු පුජකවරයා වූ මෙල්කිසදෙත් අතින්. පුප සහ වයින් ඔප්පු කරනු ලැබීමෙන් පසුව, ආබ්‍රම් හට දෙවි සමිඳුන් විසින් පවරනු ලැබූ කාර්යය ඉටුකිරීමේ ලා ශක්තියක් වන පිණිස ඔහුව ආශිර්වාද කරනු ලැබු අවස්ථාවේදී. අද ශුවිශේෂ පාඨය මගින් විස්තර වන්නේ දිව්‍ය සත්ප්‍රසාදයේ දෙවන පෙර හුරුව. ජේසු තුමන් විසින් පුප පහක් සහ මසුන් දෙදෙනෙකු ආශිර්වාද කර පන්දහසකට වැඩි පිරිසක් අතර බෙදා හැරීමෙන් පසුව ඉතිරි කැබලි කුඩා 12ක් පුරවා ගනු ලැබුවා. ස්වර්ගයෙන් සැබෑ ආහාරය ලබා දෙන්නේ තමා බව එමගින් පෙන්නුම් කල ජේසු තුමා, සැබෑ ජීවනයත්, දෙව් වදනට සවන්දීමට ආශාවක් සහ ශක්තියත් එමගින් ලැබෙන බව පසක් කළා.
දිව්‍ය සත්ප්‍රසාදයේ ක්‍රිස්තු තුමන් සැබවින්ම නොසිටින බවට පැතිර ගිය මතයකට පිළිතුරු ලෙසින්, දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව ඇරඹුනත් අද දිව්‍ය සත්ප්‍රසාදය අපට ජේසුතුමන් මුහුණට මුහුණ හමුවී කතා කරන්නට ලැබී ඇති ප්‍රියතම මගක් වී තිබෙනවා. එහෙත්, ජේසුතුමා විසින් දිව්‍ය සත්ප්‍රසාදය ස්ථාපිත කරනු ලැබුවේ අපට ආහාරයක් වන්නටයි. දේව වාක්‍ය තේරුම් ගන්නට සහ ඒ අනුව දිවි ගෙවන්නට ශක්තියත් ක්‍රිස්තුතුමන් වැනි අය බවට පරිවර්තනය වී, කරන කියන සැම දෙයකින් සුභ අස්නට ශාක්ෂි දරන්නටත්, එමගින් අපට බලය ලැබෙනවා.