2019 ජුනි 26
විශ්වාසවන්ත, විශ්වාසකටයුතු දෙවිඳාණෝ
විශ්වාසවන්ත, විශ්වාසකටයුතු දෙවිඳාණෝ
Genesis 13:2, 5-18; Psalm 15:2-5; Matthew 7:6, 12-14
Link to Readings
හැම විටම දෙවිඳුන් අදහා ගැනීම පහසු කාරණයක් නොවෙයි. විශේෂයෙන් කරුණු කාරනා අපගේ සිතැඟි ලෙසින් ඉටු නොවන විට, අපගේ අවශ්‍යතා එලෙසින් සපිරෙන බවට නිමිත්තක් නොමැති විට, අපි අවිශ්වාස කරන්නට පෙලඹෙනවා. ඊට අමතරව අපට නිතර අසන්නට ලැබෙන්නේ ඇදහිල්ලට එරෙහි කාරණා. වයස අවුරුදු 100ක් වූ තැනත්, පොරොන්දුවූ දරුවා ගැන හෝඩුවාවක් නොමැති විට ආබ්‍රහම්ගේ විශ්වාසය සැලෙන්නට වුණා. වාසනාවට අනුන්ගේ වචන වලට සවන් දෙනවා වෙනුවට, ආබ්‍රහම් කෙලින්ම දෙවිඳුන් ගෙන් ඒ ගැන ප්‍රශ්න කළා. “බිය නොවන්න, මම ඔබේ පලිහ. ඔබේ ප්රසාදයන් ඉමහත් වනු ඇත” යනුවෙන් දෙවිඳුන් පිළිතුරු දුන්නා. ආබ්‍රහම් දෙවිඳුන් සමඟ තිබූ කිට්ටු ඇසුර නිසාවෙන් සහ එතුමා තමන් කැඳවු දිනයේ සිට තමන් වෙනුවෙන් කල දෑ මතක තිබු නිසාවෙන්, ආබ්‍රහම්ට සමිඳුන් විශ්වාස කල හැකි වුනා.
බොරු දිවසිවරුන්ගේ ප්‍රකාශයන් මැදත්, විශ්වාසයේ ස්ථිරව සිටින්නට සහ බැටළු හම පොරොවා ගත් වෘකයන් හඳුනා ගන්නට නම්, සමිඳුන් අපගේ ජිවිත තුල කල මහත් දේ ගැන සහ මිනිස් සංහතියට එතුමන් කෙතරම් විශ්වාසවන්තව සිටියාද යන්න ගැන හොඳ මතකයක් අපට තියෙන්නට ඕනේ. ඒ දැනුම ලබා ගත හැකි හොඳම මග ශුද්ධ බයිබලය කියවීම. දෙවිඳුන් කවුරුන්ද, එතුමන් කෙතරම් විශ්වාසවන්තද යන්න ගැන ශුද්ධ ලියවිල්ල අපට නිතර මතක් කර දෙනවා.
ගීතාවලිය විස්තර කරන ලෙසින් දෙවිඳුන් විශ්වාසවන්ත මෙන්ම, එතුමන්ගේ පොරොන්දු නොඅඩුව ඉටු කල හැකි තරමට බලවන්තයි. එතුමන්ට බොරු කරන්නට හෝ සැඟවෙන්නට අවශ්‍යතාවයක් නැහැ. එතුමන්ගේ රැකවරණය තුල අපට නිතරම ප්‍රීති විය හැකියි.