2019 ජුනි 10
පාස්කු සමයේ 8 වන සතිය
ශුද්ධවූ සභාවේ මාතාව වන මරියතුමියගේ මංගල්‍යය
යුතු වූ සහ සාධාරණ වූ ගෞරවයක්

Genesis 3:9-15, 20; Psalm 87:1-3, 5-7; John 19:25-34
Link to Readings
යුද්ධයක් ජයග්‍රාහීව හමාර කල විට සටනේ නියැලුණු හමුදාවන්ට , එහි සෙබළුන් සහ නියමුවන්ට, යුද්ධය නිසාවෙන් නොයෙකුත් කැප කිරීම් කල අයට ගෞරව පුද කිරීම සාමාන්‍ය සිරිතක්. ඒ සිරිතට අනුව, පාපයට විරුද්ධවූ සටනේදී, ජෙසු තුමන් සමඟින් කරට කර සටනේ නියැලුණු මරියතුමියගේ ගෞරවයට ඒ ජයග්‍රහණයේ පුර්ණත්වය සැමරූ දිනට පසුදා වෙන්කිරීම ඇත්තෙන්ම යුතුවුත්, සධාරනවුත් කාර්යයක්.
අකීකරු කම නිසාවෙන් අප ශුද්ධාත්මයානන් අහිමි කර ගත් පසුව පළමුවෙන්ම ශුද්ධාත්මයාණන් ලබා ගන්නට වසනා ලද්දීය මරිය තුමියයි. එතුමියගේ කුසය සිය ඒක ජාත පුතනුවන්ගේ ශුද්ධවූ මිනිස් කළලය තැන්පත් කිරීමට සුදුසු ස්ථානයක් වන පිණිස, පිළිසිඳීමේ සිටම මොනයක් හෝ පාප කිළුටනින් තොරව දෙවිඳුන් විසින් තබා ගනු ලැබූ තැනැත්තිය මරිය තුමියයි. අද ගීතාවලි ගියෙන් විස්තර වන පරිදි, අපට ස්වර්ගයට ඇතුළුවීම සඳහා පෙර සිට සුදානම් කර තැබූ ස්වර්ග දොරටුව සහ ස්වර්ගයට හිණිමග මරිය තුමියයි. එතුමිය අපගේත් අම්මා යයි කියන්නට තරම් ආඩම්බරයක් සහ වාසනාවක් අපටත් හිමියි.
මරියතුමිය ජේසුතුමන්ගේ මව වන්නට පෙර සිටම නියම කරනු ලැබූ ලෙසින්ම ඇයව අපගේත් මව වන්නට නියම කරනු ලැබ සිටියා. කුරුස ගසේදී සිය නිදහස, ගෞරවය, ආත්මගරුත්වය සහ සිය ඇඳුම් පවා අතහැර දැමු ජේසුතුමන්, යම් දෙයක් කෙරෙහි අවසානය දක්වා එල්ලීගෙන සිටියා. ඒ තමයි සිය මව, මරිය තුමිය. එතුමියව එසේ රැකගනු ලැබුවේ අපගේත්, සභාවේත් මාතාවන් ලෙසින් දානය කරනු සඳහායි.
ශුද්ධාත්මයානන් ලබා ශුද්ධවූ සභාව උපදිනවිටත් ඇය එහි සිටියා. සභාවේ සාමාජිකයන් චෝදනාකරනු ලැබ ප්‍රතික්ෂේප කරනු ලබත්දිත් එතුමිය එහි සිටියා. ඇයගේ පුතණුවන් සොයා ස්වර්ගයට යන ගමනේදීත් අපගේ සියලු උත්සාහයන් වලදී දිරි ගන්වමින්, බල ගන්වමින් මරිය තුමිය තවමත් අප සමඟ ඉන්නවා.