2019 ජුනි 25
පහසු මගක්
පහසු මගක්
Genesis 13:2, 5-18; Psalm 15:2-5; Matthew 7:6, 12-14
Link to Readings
දෙවිඳුන් ආබ්‍රම් ගෙන් ඉල්ලුවේ සිය රටත්, පියාගේ නිවෙසත් අතහැර, තමා පෙන්වන දේශයට යන ලෙස. එහිදී එතුමා අදහස් කලේ සියල්ල අතහැර යන ලෙසයි. සමහර විට මේ අලුත හඳුනා ගත් දෙවිඳුන් ගැන පුර්ණ අවබෝධයක් නොතිබූ නිසා වෙන්නට ඇති, ආබ්‍රම් සිය බෑණනුවන් වන ලොත් සහ ඔහුගේ පිරිවරත් සමඟයි ගමනට පිටත් වුනේ. දෙවිඳුන්ගේ උපදෙස් වලින් බැහැරව, අපි අපේ උවමනාවට තීරණ ගනිත්දී, අපට අපේක්ෂා කල හැක්කේ ප්‍රශ්න සහ කරදර පමණයි. අද පළමු කියවීම විස්තර කරන්නේ ආබ්‍රම්ට එසේ මුහුණ දෙන්නට සිදුවූ ප්‍රශ්න ගැන. කරදන නිසා අපි නොවැටුනොත් එයින් ගොඩ එන ක්‍රමය සමිඳුන් පෙන්වනවා.
ආබ්‍රහම් බවට පත්වූ ආබ්‍රම් ගෙන පැවත එන පරම්පරාවක් දෙවි සමිඳුන් තෝරා ගත්තා සිය පුතනුවන් මෙලොවට එවන්නට. එතුමා ඔවුන් ඉතා ප්‍රවේශමෙන් ආරක්ෂා කළා. ජේසු සමිඳුන් පැමිණි විට එතුමා සිය උගැන්වීම් පිළිපදින වෙනමම ජනතාවක් තෝරාගත්තා දේව රාජ්‍යය පතල කරන්නට. ඒ ශුධවූ සභාව. එතුමා සිය ආශිර්වාදයන් සහ උගැන්වීම් භාර දුන්නේ, පියාණන් විසින් තමන්ට දුන් ජනතාවට පමණයි. එසේ වුනේ, පියාණන් වහන්සේගේ ශුද්ධාත්මයානන් නොමැතිව, එම අනපනත් වරදවා තේරුම් ගන්නට සහ වැරදි ලෙසින් භාවිතා කරන්නට ඇති ඉඩ කඩ නිසා.
සමිඳුන්ගේ අනපනත් පිළිපැදීම අසීරුය යි පවසන අයට ජේසුතුමා ඉතා පහසු මාර්ගයක් පෙන්වා දුන්නා, පියාණන්ට කීකරු වෙන්නට. ”අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැති ද, ඔබත් ඒ දේ ම ඔවුන්ටත් කරන්න” යන්නයි ඒ. අපි වෙන කෙනෙකුගෙන් යමක් අපේක්ෂා කරනවා නම්, ඒ දේ අන් අය වෙනුවෙන් කරන්නට අපහසු යයි කියන්නට අපට පුළුවන් කමක් නැහැ. අපට අවශ්‍ය ලෙසින් වෙනස් කරන්නට, අරුත් ගන්වන්නට උත්සාහ නොකර, මේ උවදෙස පිළිපදිමු.