Lent Refeflection - 2019 ( Second Part)
ඔබේ වත ඉරා ගෙන නොව සිත ඉරා ගෙන මා වෙත එන්න
පාස්කු භාවනාව - දෙවන පියවර

මල් උයන තුල අප ජීවිත පරාවර්තනයක්
දෙවිදුන් වැඩ සිටිනුයේ කොහේද ?
දෙවිදුන් වැඩ සිටිනුයේ පල්ලියේ පමණක් නොවේ. පාර කපන තැන, ලෑලි ඉරන තැන, මහා වරුසාවේ, ගිනියම් අව්වේ, බඩගිනි මිනිසා තුල.....
අපි තවම ඔවුන් වෙත හැරිලා නැත්නම් අපි තවම සම්පුර්ණයෙන්ම දෙවිදුන් වෙතට හැරිලා නැහැ. හරියට දෙවිදුන් දැකලා නැහැපොඩ්ඩක් හිතා බලන්න.
අපි අපිම කොටු කර ගත්තු රාමුවක දෙවිදුන්ට නමස්කාර කරනවාද ?
මොකක්ද පාස්කුව කියන්නේ ?
පාස්කුව කියන්නේ එතරවීමක්. මොකක් ? එතරවීමක්. කොහෙන් ... කොහාටද ?
කටුක ගිම්හානයෙන් - සොදුරු වසන්තයට
රුදුරු වහල් බැවින් - සොදුරු නිවහල් බවට
අදුරු මරණයෙන් - ආලෝකමත් ජීවිතයකට
ඇයි අපි එහෙම කියන්නේ ? අපිට මතකයි අපි ලංකාවේ ඉන්නකොට රස්නේ අපිට කරදරයක් උනා. අපේම දහදිය අපිට ගදයි කියල හිතුනා. අපි වායු සමීකරණය කරපු බස් වල ගියා. සකුරා මල් පිපෙන ජපානයේ වසන්තය ගැන අපි සින්දු අහල සන්තෝස උනා. අපි දැක්කේ නැහැ අපේ අතුලාන්තයත් ඒ වගේම පීඩා විදිනවා කියල. අපි ලග තියෙන සමහර ගතිගුණ නිසා අපේ අතුලාන්තයටත් අපිවම එපා වෙනවා. නමුත් ඒ කලකිරීම කවදාකවත් පිටට පෙන්නේ නැහැ. අතුලාන්තය මැරී මැරී ඉපදෙනවා. වතුර පොදක් ලැබෙනකල්. බොහෝවිට අතුලාන්තය අපිට වහලෙක් වෙලා. මොකද අපි අතුලාන්ත හඩට කන් නොදෙන නිසා. මෙහෙම ගොඩක් කල් ඉන්නකොට අතුලාන්තය මැරිලා යනවා. ඒ කියන්නේ අපි අතුලාන්තයට කන් නොදී යන්ත්‍ර බවට පත්වෙනවා. ඒ කියන්නේ අපි අපේ නිර්මාතෘ වන දෙවිතුමා එක්ක තියෙන සම්බන්ධය පීඩා විදිනවා, මැරිලා, අකර්මන්‍ය වෙලා යනවා.
ඒ පීඩා විදින අතුලාන්තයට වතුර පොදක් දෙන්න, අපිට වහල් වෙච්ච අතුලාන්තය නිදහස් කරන්න, මැරිච්ච අතුලාන්තය ජීවත් කරවන්න තමයි එතෙර වෙනවා කියන්නේ. වෙනත් විදිහකට කියනවා නම් අතුලාන්තය දෙවිතුමා සමග තියෙන සම්බන්ධය අලුත් වැඩියා කරන එක
ඒක තමයි නියම පාස්කුව. ඇත්තටම කියනවා නම් හැමදාම පාස්කු.
කොහොමද අපි එතෙර වෙන්නේ
එතෙර වෙන්න කුරුසිය ඕනෙමයි. කුරුසිය නැතුව එතෙර වීමක් නැහැ. බොහෝ විට අපි කුරුස හැටියට දකින්නේ අපේ ස්වාමිපුරුෂයා, භාර්යාව, ළමයි, දුක් කරදර,
ආයතන ප්‍රදානියා වගේ දේවල්. නමුත් මොකක්ද මේ කුරුසිය ? කුරුසිය කියන්නේ අපගේ ජීවිතයේ වගකීම්. එකත් අපි හරියට වටහා ගන්න ඕනේ. අපි මේ ලෝකෙට එන කොටම දෙවියන් අපි වෙනුවෙන් හදපු සැලැස්මක් තිබුණා. ඒ සැලැස්ම වෙනුවෙන් අපසතු වගකීම් තමයි දෙවියෝ අපට දීපු කුරුසිය කියන්නේ. බොහෝ වෙලාවට අපි අපේ සැලසුම් හදාගෙන එවා සාර්ථක කරගන්න උත්සහ කරද්දී අපි අපේම කුරුස හදාගන්නවා. ඊට පස්සේ අපි දෙවියන්ට දොස් කියනවා. සැලසුම්කරු එක ගෙයක් සැලසුම් කරලා තියෙද්දී අපි තව ගෙයක් හදන්න ගිහිල්ලා සල්ලි මදි උනොත් සැලසුම් කරු පලිද ? එහෙනම් අපි සැලසුම් කරු සමග සංවාදයක් කල යුතු නැද්ද ?
ප්‍රශ්නේ කොහෙද මේ සංවාදය කරන්නේ කියල. එක තමයි "මල් උයනේ අත්දැකීම".
මල් උයනේ දී අපි කරන්නේ අපේ ජීවිතයට දේව කැමැත්ත විමසීමයි. අපේ ගැටළු, දුක් කරදර, ලෙඩ දුක්, හැම දෙයක්ම සමග අපි මල් උයනට ඇතුළු විය යුතුයි. එතනදී
අපි දේව කැමැත්ත විමසනවා. දේව කැමැත්ත කියන්නේ "ඇයි මේ දුක් ටික මටම දුන්නේ " කියල අහන එක නෙමේ. "මේ තත්වය තුලින් මම කොහොමද ඔබව මහිමයට පත් කරන්නේ" කියන ප්රශ්නය අහන එක. අපිට කියන්න පුළුවන් "මේ දුක මට බර වැඩියි " කියල නමුත් " ඇයි මේ මටම " කියල අහන්න බැහැ.
සැම කිතුනුවාම දේව කැමැත්ත සිදුකළ යුතුමයි
දේව කැමත්ත සිදුකිරීමට
දේව කැමැත්ත විමසු විට සුද්ධාත්මයාණන් තුල එය පැහැදිලිව අනාවරණය වෙනවා. ජේසුට සිදුවුනේ එයයි.
ගොඩක් වෙලාවට අපි බයයි ඒක අහගන්න. මොකද ඒකෙන් අපේ ජීවිත පෙරෙලෙන නිසා. ඇත්ත ඒකයි. ඒ නිසා අපි අපේ ඇතුලාන්තය නිහඩ කරවනවා නැතිනම් නැහුණා වගේ ඉන්නවා
කුමක්ද කුරුසය
මගේ කැමැත්තට දේව කැමැත්ත හරස් වෙනවිට දේව කැමැත්ත ට මගේ කැමැත්ත යට කිරීමයි.
තින්දුව
මෙහිදී සැමවිටම තින්දුවක් ගන්නම වෙනවා. එය මගහරින්නට බැහැ. ඒක තමයි කුරුසයේ තින්දුව. අපේ ජීවිතයේ හැම මොහොතකම මේ "කුරුසයේ තින්දුව" අපි ගත යුතුම වෙනවා.
මෙහිදී සැමවිටම තින්දුවක් ගන්නම වෙනවා එය මගහරින්නට බැහැ ඒක තමයි කුරුසයේ තින්දුව. අපේ ජීවිතයේ හැම මොහොතකම මේ "කුරුසයේ තින්දුව" අපි ගත යුතුම වෙනවා.
ඒ තින්දුව තුල මරණය නැහැ, බොරුව නැහැ, යුද්ධය නැහැ, වෙරය නැහැ. එය ජීවිතයේ, සත්‍යයේ, සාමයේ, ආදරයේ තින්දුව ක් මයි.

- දේව කැමත්ත කිරීමට පෙර එය විමසිය යුතුයි
- නැතිනම් අපි අපේ කැමත්ත දේව කැමැත්ත බවට හරවා ගන්නවා.
- දේව කැමත්ත සෙවීමට මල් උයනට ඇතුළු විය යුතුයි.