2019 ජුනි 09
පාස්කු සමයේ 7 වන සතිය
ආදරයෙන් පිළිගනිමු ශුද්ධාත්මයාණනි
පාස්කු සමයේ 7 වන සතිය
ආදරයෙන් පිළිගනිමු ශුද්ධාත්මයාණනි
Acts: 25:13-21; Psalm 103:1-2, 11-12, 19-20; John 21:15-19
Link to Readings
අද අපගේ ශුද්ධවූ සභාවටත්, අප එකිනෙකාටත්, මුළු මහත් මිනිස් සංහතියටත් ඉතා වැදගත් දවසක්. අද අපි සමරන්නේ, මිනිස්වගේ වැරදි නිවැරිදි කල දිනය.
ජේසුතුමා අපගේ පාප වලට වන්දි ගෙවීම සඳහා කුරුසියේ උකුත් වූ බවත්, එතුමන් කල කිකරුකමේ පරිත්‍යාගය පිළිගනිමින්, දෙවි සමිඳුන් එතුමන් මරණයෙන් උත්ථාන කල බවත් ඇත්ත. එහෙත් අද අප සමරන සිද්දිය සිදු නොවන්නට ඒ සියල්ල තේරුමක් නැති සිද්දීන් වන්නට ඉඩ තිබුනා. .
අද අපි සමරන්නේ දෙවි සමිඳුන්ගේ ශුද්ධාත්මයාණන් අපට නැවත ලැබුණු දිනය; අපි නැවතත් වරක් දෙවිසමිඳුන්ගේ දු දරුවන් බවට පත් වූ දිනය. නැවතත් වරක් ලෝකාග්‍ර දෙවි සමිඳුන්ට “තාත්තේ” කියා අමතන්නට අයිතිවාසිකම් ලද දිනය. මේ දිනය උදා වන තෙක් පියාණන් සිටියේ නොඉවසිල්ලෙන්.
අද දේව වාක්‍ය මෙහෙය තුල අපට ශුද්ධාත්මයාණන් ලැබුණු අවස්තා දෙකක් ගැන සඳහන් වෙනවා. එක අවස්තාවක උත්ථාන වූ ක්‍රිස්තු තුමන් සිය ශ්‍රාවකයන් මත හුස්ම හෙළනවා, ලෝකය මවා නිමවී, මැටියෙන් සැදු මිනිස් රුව මත දෙවි සමිඳුන් හුස්ම හෙලු ලෙසින්ම. දෙවන අවස්ථාවේදී, තද සුළඟක් සහ ගින්නක් මගින් ශුද්ධාත්මයානන් ශ්‍රාවකයන් සහ විශ්වාසිකයන් මත වැඩම කරනවා. අහන්කාරකමට දඬුවමක් ලෙසින් ලැබුණු එකිනෙකාට නොතේරෙන බසින් කතා කිරීම වෙනුවට, තමන්ගේ බසින් කතා කරන විට අන් සැමට තම තමන්ගේ බසින් තේරුම් යන්නට සලස්වනවා.
අපේ ජීවිතයේදීත්, අපි දෙවතාවකදී ශුද්ධාත්මයානන් ලබා ගන්නවා. පළමු වර කුඩා බිලිඳුන් ලෙසින් ප්‍රසාද ස්නාපනයේදී අප ශුද්ධාත්මයානන් ලබා ගන්නේ අපගේම ප්‍රයෝජනයට සහ විශ්වාසයේ වැඩෙනු පිණිස. දෙවන වර, වැඩිහිටියන් ලෙසින්, ස්ව කැමැත්තෙන් එතුමන් ලබා ගන්නේ අන් අයට සේවය කරනු සඳහා සහ දෙවිසමින්දුන්ගේ ආදරයට ලෝකය තුළ ශාක්ෂි කරුවන් වනු සඳහා බලය ලබන්නට.
අප ගේ වැරදි ඉවසීමෙන් දරා ගැනීම ගැන සහ අප එතුමන් හා සමාන එතුමන්ගේ දූ දරුවන බවට පත් කරවමින් මේ මහා අගනා ත්‍යාගය අපට දානය කිරීම ගැන දෙවි සමිඳුන්ට තුති පුදන අතරේ, ඒ තුලින් අපට පැවරුණු කාර්යයන් සඳහාවන කැපවීම අලුත් කර ගනිමු. දෙවිසමින්දුන්ගේ ආදරයෙන් ලබන සැනසීමෙන් ප්‍රීති සන්තෝෂ වෙන්නට හැකිවන පිණිස සහ සමිඳුන්ට රිසි ලෙසින් ලෝකයේ මුහුණුවර අලුත් කරන්නටත් හැකිවන පිණිස ඒ ආදරය ගැන හරි තේරුම ගැනීමක් ලබා දෙන ලෙස ඉල්ලා යාච්ඥා කරමු.