2019 ජුනි 13
2 Corinthians 3:4-11; Psalm 99:5-9; Matthew 5:17-19
Link to Readings
ඊයේ දේව වාක්ය මෙහෙය තුලදී අපට අසන්නට ලැබුණා බලු බැල්මට පරස්පරයි පෙණෙන ප්රකාශයන් දෙකක් ජේසු තුමන්ගෙන් සහ පාවුළු තුමන්ගෙන්. නීතියේ අකුරු වලින් අපව දේව සේවය සඳහා බලවත් කරන්නට නොහැකි බැව් පාවුළු තුමා පවසත්දී, ජේසු තුමා පැවසුවේ නීතියේ එක අකුරක් තබා ඉස්පිල්ලක්, පාපිල්ලක් හෝ වෙනස් කරන්නා ස්වර්ග්ෆයේ කිදාවට සැලකෙන බව. එහෙත්, විමසා බලත්දී අපට පෙනෙනවා දෙදෙනාම කියන්නට හදන්නේ එකම කාරණය බව.
නිතිය අපව බලවත් කරනවා වෙනුවට වැරදි කරුවන් කරන බව පාවුළු තුමා කියන්නේ, හුදු නිතිය පිළිපැදීම පමණකින් අපට යහපතක් නොසැලසෙන බවයි. තමා පැමිණියේ නිතිය අවලංගු කිරීමට නොව එය සම්පුර්ණ කිරීමට බව පැවසීමෙන් ජේසුතුමා පෙන්වා දෙන්නෙත් නිතිය හෝ නිතිය පිළිපැදීම පමණක් හෝ සම්පුර්ණ නොවව බවයි.
අද සුවිශේෂය තුල, ජේසුතුමා ඒ කියමන සනාත කරනවා. මිනි නොමරව යන නිතිය අකුරේ අර්ථයෙන් පිලිපැදීමෙන් අප විනිශ්චයෙන් නිදහස් නොවන බව පවසන එතුමා, සහෝදරයාට, අපහාස කිරීම, ශාප කිරීම, පහත්කොට සැලකීම මෙනම ඔහු සමඟ වයිර සිතින් පසුවීමත්, අප විනිශ්චයට ගෙන යන බැවින් සමාව දීම සහ සමඟිවිම ඒ වෙනුවට ආදේශ කරමින් මිනි නොමරව යන නීතිය පුර්ණත්වයට පත් කරනවා. දස පනත වෙනුවට භාග්යයන් ඉදිරිපත් කිරීමෙන් ජේසුතුමා කලේ ඒ දෙයමයි.