2019 ජුනි 07
පාස්කු සමයේ 7 වන සතිය
ඔබත් එතුමන්ට ආදරේද?
පාස්කු සමයේ 7 වන සතිය
ඔබත් එතුමන්ට ආදරේද?
Acts: 25:13-21; Psalm 103:1-2, 11-12, 19-20; John 21:15-19
Link to Readings
“මම ඔබට ආදරෙයි” කියන හුදු වචන වලින් පමණක් ජේසුතුමන් සෑහීමට පත් වන්නේ නැහැ. ඒ ආදරය අපේ හදවතින්ම එනු දැකීමයි එතුමන්ගේ අපේක්ෂාව. වෙන කිසි කෙනෙකුට වඩා අපි එතුමන්ට ආදරය කරනු දකින්නට මෙන්ම, අපි අන් කිසිවකුට හෝ දක්වන ආදරයට වඩා වැඩියෙන් එතුමනට ආදරය කරනු දකින්නට එතුමා ආශා කරනවා. එසේම ඒ ආදරය ක්රියාවෙන් පෙන්වීම එතුමා අපේක්ෂා කරනවා. අපි මුළු හදවතින් එතුමාට ආදරය කලොත් පමණයි, එතුමන්ට හැකි වන්නේ අපව සුදුස්සන් කරවන්නට පියාණන්ගේ ආදරයෙන් සහ ආශිර්වාදයෙන් අප පුරවන්නට. ඒ කියන්නේ ජේසුතුමා අපේ ආදරය යදිනවා නොවෙයි, පියාණන්ගේ ආදරය අපට පූර්ණව දෙන්නට උත්සාහ ගන්නවා. ඒ වෙනුවෙන් අපි එතුමන්ට ආදරේ කරනවාදැයි සිය වරක් වුවත් අසන්නට ජේසුතුමන් සුදානම්.
අපි එතුමන්ට ආදරය කරන්නට පටන් ගත් විට, ජේසුතුමන් අපට එතුමන්ගේ ශුද්ධාත්මය දානය කරනවා. ශුද්ධාත්මයාණන් අප තුල වූ විට, තමන් වහන්සේ අපට ආදරය කල ලෙසින් අන් අයට ආදරය කිරීමයි ජේසුතුමන්ගේ අපේක්ෂාව.
අපි සමිඳුන්ගේ ආදරයේ ශාක්ෂිකරුවන් සහ තානාපතින් වූ විට, අපට බියෙන් තොර, ආතතියෙන් තොර, ප්රීතිමත්, සැනසිලිදායක ජිවිතයක්, ඕනෑම තත්ත්වයක් මැද ගත කරන්නට පුළුවන්. සමිඳුන් වෙතින් ලැබෙන සහයන් අමතක නොකරමින්, විවුර්තව නොබියව එතුමන්ට ආදරය කරමු. සමිඳුන්ගේ ආදරයේ රැඳී සිටින්නට අපට සහය වන ශුද්ධාත්මයානන් වෙනුවෙන් වැය වෙමු.