2019 ජුනි 06, බ්‍රහස්පතින්දා
පාස්කු සමයේ 7 වන සතිය
පිළිතුර ශුද්ධාත්මයාණෝ ය
පාස්කු සමයේ 7 වන සතිය
පිළිතුර ශුද්ධාත්මයාණෝ ය
Acts 22:30, 23:6-11; Psalm 16:1,2,5,7-11: John 17:20-26
Link to Readings
ඔබට හිතෙන හැටියට දැනුම් තේරුම් ඇති පුද්ගලයකුට තමන් වැරදි බව තේරුම් ගන්නට කොපමණ කාලයක් ගත වෙනවාද? නායක පූජකයා ඇතුළු සැන්හේන්දරින් සාමාජිකයන් ශුද්ධ ලියවිල්ල ගැන හසල දැනුමක් ඇති නැණවත් උදවිය. ඔවුන් ඉරීසියාව නිසා ජේසුතුමන් මරණයට පත් කලත්, ඔවුනගේ හර්ද ශාක්ෂිය ඔවුනට දොස් පවරන්නට ඇති. ජේසුතුමන් සම්බන්ධයෙන් මරණයට පෙර සහ පසුව සිදුවූ දේ දිවැසි වැකි සමඟ සලකා බලා ඇත්ත වටහා ගන්නට ඔවුනගේ දැනුම ප්‍රමාණවත් වුණා. එහෙත්, වෙනස් වෙන්නට ඔවුන් සුදානම් වුනේ නැහැ. ඒ මදිවාට දැන් ඔවුන් පාවුළු තුමාවත් මරණයට පත් කරවන්නට සුදානම් වෙනවා. ඔබට හිතා ගත හැකිද මේ මුග්ධ භාවයට හේතුව කුමක්ද කියා? ඒ ශුද්ධාත්මයාණන්ගේ අඩුව. අප තුල නිවැරදිවීමට අවශ්‍යතාවයක් ඇතිකරවන්නේ ශුද්ධාත්මයාණන් වහන්සේ. අප තුල අවශ්‍යතාවයක් තිබුණත් එතුමන් නොමැතිව අපි බල රහිතයි.
පාවුළු තුමන් අධිකරණය හමුවේ විමසනු ලැබූ විට චෝදකයන් අතර විපිළිසරයක් ඇතිකරවා ඔවුන්ගෙන් පිරිසක් තමන් වෙනුවෙන් කතා කරවන්නට එතුමා සමත් වුණා. ඔහුට ඒ ප්‍රඥාව ලැබුනෙ කෙසේදැයි සිතා ගත හැකිද? ඒ ශුද්ධාත්මයාණෝ. ක්‍රිස්තු තුමන් පොරොන්දු වූ ලෙසින් අවශ්‍ය වෙලාවට නිසි වචන අපට දෙන්නේ ශුද්ධාත්මයාණෝ.
අපට අපේ වරද පිළිගන්නට නොහැකි අවස්ථා වලදී, වරද තේරුම් ගත් විටදීත්, වෙනස් වන්නට නොහැකි අවස්ථා වලදී, අපගේ සහය ශුද්ධාත්මයාණෝ. එතුමන්ට හැකියි අපව උණු කරවන්නට, අපව නැවත අඹන්නට.සහ අනුනට ආදරය කරනු සඳහා සහ ඒ ආදරයෙන් ඒ අය වෙනස් කරවනු සඳහා අපව ආදරයෙන් ආදරයෙන් පුරවන්නට. එතුමන්ගෙන් පිරෙන්නට ආශා වෙමු.