2019 ජුනි 22
එක ස්වාමියෙක් පමණක්
එක ස්වාමියෙක් පමණක්
2 Corinthians 12:1-10; Psalm 34:8-13; Matthew 6:24-34
Link to Readings
අද ජේසුතුමා ඉතා ආශ්වාද ජනක පොරොන්දුවක් දෙනවා සුවිසේෂ පාඨය තුලින්. අපගේ ජීවිතය ගැන, හෙට දවස ගැන කනස්සලු නොවන ලෙස ඉල්ලන එතුමා, හුදු ආදරය නිසාම අප මවා වදාළ දෙවි පියාණන් අපගේ සෑම අවශ්‍යතාවයක් ගැනම දන්නා බව සහ ඒවා සපුරා ලන්නට ආශාවෙන් බලාගෙන සිටින බව මතක් කරනවා. එහෙත්, අපි අපගේ ජිවිත තුල මේ දේ අත් දකිනවාද?
A සමාගම සිය සේවකයන්ට ඉතා ආකර්ශනීය වැටුපක් ගෙවන අතර, ඔවුනට වාහන සහ නිවාස පහසුකම් ද සලසනවා. ඔවුන්ගේ වැඩ කරන ස්ථාන සියලු සැප පහසුකම් වලින් සමන්විතයි. ඊට අමතරව ඒ ඒ මාසයේ ඔවුනගේ වැඩ අනුව බෝනස් මුදලක්ද ගෙවනවා. ඒ වුනත්, කොපමණ කනස්සළු වුනත්, කොපමණ මැසිවිලි කිව්වත්, ඔබට මේ කිසිවකට හිමිකම් කියන්නට පුළුවන් කමක් නැහැ ඔබ B සමාගමට සේවය කරන තාක් කල්. ඒ ලෙසින්ම, දෙවිඳුන්ගේ රැකවරණය සහ සම්පාදනය පිළිබඳව කිතු සමිඳුන් දුන් පොරොන්දු අප තුල ඉටුවන්නටනම්, අප සිටිය යුත්තේ එතුමාණන්ගේ සමාගමේ. සේවය කල යුත්තේ එතුමාණන්ට. අපගේ එකම ස්වාමියනන් විය යුත්තේ දෙවි සමිඳුන්. එතුමාණන්ට සේවය කරන අපට ලැබෙන ආශිර්වාදයන්, ජිවිතයේ ඕනෑම අවශ්‍යතාවයක්, ඕනෑම අභියෝගයකට, ඕනෑම කරදරයකට මුහුණ දෙන්නට ප්‍රමාණවත්.
අපිත් අපේ ස්වාමියාණන් තෝරාගෙන එතුමන් සමඟම සිටිමු.