2019 ජුනි 16
පියාණන්ගේ දිනය සහ පියවරුන්ගේ දිනය
ශුද්ධවූ ත්‍රිත්වයේ මංගල්‍යය
පියාණන්ගේ දිනය සහ පියවරුන්ගේ දිනය
ශුද්ධවූ ත්‍රිත්වයේ මංගල්‍යය
Proverbs 8:22-31; Psalm 8:4-9; Romans 5:1-5; John 16:12-15
Link to Readings
අපි කෙස් ඉරා නොගෙන, අපට ගැලපෙන මට්ටමෙන්, ශුද්ධවූ ත්‍රිත්වය ගැන තේරුම් ගන්නට උත්සාහ ගත්තොත් එය සිතන තරම අමාරු නැහැ. එක විදිහට වැඩ කරන, එක විදිහට කතා කරන, එක වගේ අදහස් ඇති සොහොදරයන් හෝ වෙනත් අය කිහිප දෙනෙකු ගැන අපි කියන්නේ එකා වගේ කියලා. අපි පිතා වහන්සේටත්, පුත්‍රයා වහන්සේටත්, ශුද්ධාත්ම වහන්සේටත්, එක්කෙනෙක් කියන්නේත් එම හේතුව මතමයි.
පියාණන් වහන්සේට ලෝකය මැවීමට අවශ්‍ය වූ විට ඒ සඳහා පසුබිම ශුද්ධාත්මයානන් විසින් සුදානම් කල අතර, පුත්‍රයාණන් මුළු කාර්යය තුලදීම පියාණන් සමඟ සිටියා. පාපය නිසා වැටුණු මිනිසා ගලවා ගන්නට පියාණන්ට අවශ්‍යවූ විට, පුත්‍රයාණන් ඒ සඳහා ඉදිරිපත් වූ අතර, එතුමන් මිනිසකුව සිට කාලය පුරා ශුධාත්මයාණන් එතුමන්ව බල ගැන්නුවා. පියාණන්ගේ හදවත වචනයට පෙරලා පුත්‍රයාණන් අපට උගැන්නු විට, ශුද්ධාත්මයාණන් එය අපට විස්තර කර දුන්නා. පුත්‍රයාණන් අපට පියාණන්ගේ දරු උරුමය දිනා දෙන විට, එතුමන්ට තාත්තේ කියන්නට ශුද්ධාත්මයාණන් අපට බලය දෙනවා. ඔවුන් තිදෙනා වහන්සේලා එක්කෙනෙක් වුනේ ආදරයෙන් බැඳී සිටින නිසා. පියාණන් ශුද්ධව සිටින්නාක් මෙන් ශුද්ධවත් වෙන්නයි ක්‍රිස්තු තුමන් අපෙන් ඉල්ලු විට අදහස් කලේ එතුමන්ලා මෙන් ආදරයෙන් එකාවන්ව එකිනෙකා සමඟ බැඳී සිටින්නටයි.
පියාණන්වහන්සේ අමතන නමින්ම අමතනු ලබන්නට වරම් ලැබූ මිනිස් පියවරුන්ගෙන් සමිඳුන් අපේක්ෂා කරන්නේ, තමන් භාරයේ ඇති පවුල ශුධවූ ත්‍රිත්වය මෙන් එකමුතුව, ශුධවත්ව, ස්වර්ගයේ මෙලොව පිළිබිඹුවක් ලෙසින් පවත්වාගෙන යාමයි.