2019 ජුනි 21
නැති නොවන වස්තුව
නැති නොවන වස්තුව
2 Corinthians 11:18, 21-30; Psalm 34:2-7; Matthew 6:19-23
Link to Readings
අද අපි කියවන පාවුළු තුමාට අනුව, එතුමාට එරෙහිවූ අයට පම්පෝරි කියන්නට තිබු සියලුම සුදුසුකම් සහ ඊටත් වැඩියෙනුත් එක්ක එතුමාටත් තිබුණා. එහෙත්, එතුමා පම්පෝරි කිව්වේ, ක්‍රිස්තු තුමන් වෙනුවෙන්, සුභ අස්න උදෙසා එතුමා විඳි ප්‍රතික්ෂේප වීම්. දුක් කරදර, පහර කෑම් සහ සිරගත වීම් ආදිය ගැනයි. මෙලොවදී මිනිසුන් අගයන වටිනාකම් වලට වඩා දෙවිඳුන් අපේක්ෂා කරන වටිනාකම් වල වෙනසක් ඇති බව එතුමා දන සිටින්නට ඇති.
අද සුවිශේෂ පාඨය තුලින් ජේසු තුමාත්, වෙනස් අයුරකින් කියන්නෙත් මේ දේමයි. අපි මෙලොව මිනිසුන්ගේ පිළිගැනීම ලබා ගැනීම සඳහා උපයන එකතු කරන සැම දෙයක්ම මොහොතකින් නැතිවී යා හැකි නමුත්, සමිඳුන්ගේ මහිමය වෙනුවෙන් උපයන කිසිවක් කිසිවෙකු විසින් වත් පැහැර ගත නොහැකි බවයි එතුමා කිව්වේ.
අපට මේ සත්‍යය තේරුම් ගත හැකිනම්, සුරලොව වෙනුවෙන් උපයන්නට පටන් ගන්නට කාලය හරි. අද අපි සමරන ශුද්ධවූ ඇලෝෂියස් ගොන්සාගා මුනිතුමා, තමන් ලබාගත් අධ්‍යාපනයෙන් ධනය උපයනවා වෙනුවට, සිය දිවිය අනුන්ට උදව් කිරීම සඳහා ගත කිරීමෙන් කලේ මේ නැති නොවන ධනය උපයිමයි.