2019 ජුනි 24
ස්නාවක ජුවාම් තුමාගේ උපන් මංගල්‍යය
සැක ඇතිවූ විට
ස්නාවක ජුවාම් තුමාගේ උපන් මංගල්‍යය
සැක ඇතිවූ විට
Isaiah 49:1-6; Psalm 139:1-3, 13-15; Acts 13:22-26; Luke 1:57-66, 80
Link to Readings
ස්නාවක ජුවාම් තුමා දිවැසිවරයෙක්. පරණ ගිවිසුමේ අන්තිම දිවැසිවරයා වූ එතුමා නව ගිවිසුමේ පළමු දිවැසි වරයා වෙනවා. කලින් සිටි දිවැසිවරුන් මෙන් නොව, ජුවාම් තුමා පැමිණෙන්නට සිටින මෙසියස් ගැන අනාවැකි කීමට අමතරව, එතුමාව ජීවමානව හඳුන්වා දුන්නා. එතුමා විශේෂ වන්නේ ඒ නිසා පමණක් නොවෙයි. ජේසුතුමන් සහ ජුවාම් තුමන් ඔවුන්ගේ මව් කුසයන් තුල සිටියදී, ජේසුතුමන් මුණ ගැසීමට වරම් ලද ස්නාවක් ජුවාම් තුමා, මව් කුස තුල සිටියදීම ශුද්ධාත්ම ආලේපනය ලබන්නට වාසනාවත් වුණා . ජේසුතුමා සහ මරිය තුමිය හැරුණු විට, ශාන්ත සභාව උපන්දිනයක් සමරන එකම ශාන්තුවරයා ස්නාවක් ජුවාම් තුමා. එතුමා එපමණටම විශේෂයි. ඒ විශේෂත්වය නිසා වෙන්නට ඇති ජේසුතුමා වරක් කිවේ, මෙලොව මව් කුසයෙන් උපත ලද ඕනෑම කෙනෙකුට වඩා ස්නාවක ජුවාම් තුමා ඉහළ බව.
අද පළමු කියවීමේ යෙසායා දිවැසි වරයා සඳහන් කරන පරිදි ස්නාවක ජුවාම්තුමා මව් කුසයේ සිටියදීම කැඳවනු ලබා නම් කරනු ලැබුවා. ඔහුගේ දිවත් දෙමුවහත් කඩුවක් වගේ. ඒ වගේම එතුමා තුලත් සැකයන් ඇතිවුනා තමාගේ ජීවිතය න්කරුනේ නාස්ති කලාද යන වගට. ඒ නස වන්නට ඇති එතුමා සිරගතව සිටියදී, තම ගෝලයන් ජේසු තුමා වෙත යැව්වේ එතුමා සැබවින්ම මෙඉ=සියස් තුමාද නැතහොත් වෙන අයෙකු ගැන බලාපොරොත්තු විය යුතුද අසමින්. ජේසුතුමන් තමන් වටා සිදුවන දේ පිළිතුරු ලෙසින් දන්වා යැවු විට, එයින් සෑහීමට පත් ජුවාම් තුමා එතුමා වෙනුවෙන් දිවි පුදන්නට පවා කැමති වුනා.
අපිත් කොතරම් ආශිර්වාද ලත් අය වුවත්, අප තුලත් විශ්වාසය පිළිබඳව සැකයන් ඇති වන්නට කොතෙකුත් ඉඩ තියෙනවා. එවැනි අවස්ථාවලදී කල යුතු හොඳම දේ ජෙසුතුමන්ගෙන්ම ඒ ගැන විමසීම. අප ගැන හොඳාකාරවම දන්නා, අපගේ සිතුවිලි තේරුම් ගත හැකි ජේසුතුමන් ඉතා ආශාවෙන් අපගේ සැකයන් පහ කරන්නට සහය වේවි.