අගෝස්තු 14 වන ඉරිදා
සාමාන්‍ය සමයේ 20 වන ඉරුදින
සාමය ද, භේදය ද?
ජෙරමියා 38:4-6, 8-10; ගීතාවලිය 40:2-4,18; හෙබ්‍රෙව් 12:1-4; ලූක් 12: 49-53
නත්තල නැත්නම් ජේසු තුමන්ගේ උපත අපි හඳුන්වන්නේ සාමයේ උපත ලෙසයි. සාම කුමරුවාණන් යන්න ජේසුතුමන් හඳුන්වන තවත් නමක්. ඒත් ජේසුතුමන් අද ශුද්ධවූ සුවිශේෂ පාඨය මගින් අපට කියනවා, “මම පොලව මත ගිනි ලන්නට ආවෙමි. එය දැනටම ඇවිලී තිබේනම් කොපමණ හොඳද?” කියා. එතනින් නොනැවතුණු එතුමන්, තව දුරටත් කතා කරමින්, “පොළොවෙහි සාමය දෙන පිණිස ආවෙමියි ඔබ සිතන්නාහුද? එසේ නොවේ. මා ආවේ භේද ඇති කරන පිණිස ය” යි ප්‍රකාශ කරනවා.
බැලූ බැල්මට කොහේදෝ වැරදිලා. එක්කෝ අපි එතුමන් සාම කුමරුන් ලෙස හඳුන්වන එක වැරදියි. නැත්නම්, අපි ජේසුතුමන් ගැන සිතා සිටින විදිය වැරදියි. එතුමනුත්, අපි වගේ හිතන්නේ නැතිව සැරෙන් සැරේ ජනප්‍රිය වෙන්න කටට එන එන දේ කියනවා. එහෙමත් නැත්නම්, අපි සාමය කියන වචනය නිර්වචනය කරන විදිහ වැරදියි.
මට හිතෙන විදිහට, අපි වරද්දාගෙන තියෙන්නේ, සාමය කියන වචනයේ තේරුම. අපි සාමය කියන්නේ, කලබල නැති, සන්ඩු සරුවල් නැති, යුද්ධ නැති, වෙඩි පත්තුවෙන්න නැති, බෝම්බ පුපුරන්නේ නැති වාතාවරණයකට. කලබල, වාද විවාද වලක්වා ගන්න අපි හුඟ වෙලාවට වැරැද්දට ඉඩ දීල නිහඬ වෙනවා. නිවැරදි යයි අපි හොඳටම දන්නා දේ විකෘති වෙද්දී, ප්‍රශ්න ඇති නොවෙන්නට අපි නිහඬ වෙනවා. ඒ වාතාවරණයට අපි සාමය කියලා කියනවා.
අපි හොඳට කියවලා බැලුවොත්, ජේසු තුමන් කියන්නේ එතුමන් ආවේ පොළොවෙහි සාමය දෙන පිණිස නොවන බවයි. ඇත්තටම එතුමන් ආවේ, අපේ සිත්වලට සාමය දෙන්න.
පළමු කියවීමේ විස්තර වෙන විදිහට, ජෙරමියා දිවැසි වරයා තුල තිබුනේ ඒ සාමය. එතුමන්ගේ කාර්යය වුණේ, දෙවිඳුන්ගේ පණිවුඩය ජනතාවට ප්‍රකාශ කිරීම. නැතිව, මිනිසුන් කැමති දේ කියලා ජනප්‍රිය වෙන එක නොවෙයි. ඒ නිසා තමන් වටා සිටි සතුරන් විශාල පිරිසක් මැද්දේ ඔහු දේව පණිවුඩය ප්‍රකාශ කළා. “මම ඔබ සමඟ සිටිමි” යි යන දෙවිඳුන්ගේ පොරොන්දුව ඔහු විශ්වාස කල නිසා, ඔහු තුල බයක් ඇතිවුනේ නැහැ. ඒ වෙනුවට තිබුණේ සාමයක්. විරුද්ධ වාදීන් ඔහුව මරන්නට තැත් කරද්දී, දෙවියන් කෙරෙහි විශ්වාසයක් නැති, දිවැසි වරුන්ගේ පණිවුඩ ගැන තැකීමක් නොතිබුණු, අන්‍ය ජාතික රජයේ සේවකයෙක් මගින්, දෙවිඳුන් විසින් ජෙරමියාව මරණින් බේරා ගත්තා. දෙවිඳුන්ගේ විශ්වාසවන්ත කම ගැන දන සිටි නිසා, ජෙරමියා තුල සාමය තිබුණා. තමන් සතුරන් අතට පාවා දෙනු ලබන්නට මොහොතකට කලින්, අන්තිම රාත්‍රී භෝජනය වෙලාවේ ජේසු තුමන් තුල තිබුනේ ඒ සාමය. අප වෙනුවෙන් ඉතුරු කරලා යන්නට තරම් සාමයක් එතුමන් තුල තිබුණා. ඒ සාමය ලැබුණේ, පියාණන් තමන් තමා අත් නොහරින බවට එතුමන් තුල තිබු විශ්වාසය නිසා. තමන්ට වද හිංසා පැමිනෙවූ අයට, තමන් මරණයට පත් කරන අයට සමාව අයදින්නට තරම් සාමයක් එතුමන් තුල තිබුනේ, පියාණන්ගෙන් ලැබෙන ආරක්ෂාව ගැන එතුමන් තුල තිබුණු ඇදහිල්ල නිසයි. ඒ නිසයි අද දෙවන කියවීමෙන් අපට ආරාධනය කෙරෙන්නේ, වට වෙනුවට ඇදහිල්ලේ කර්තෘ වරයාණන් හා පරිපුරකයානන් වන ජේසුස් වහන්සේ නෙත් යොමාගෙන කරන වැඩක් කරන්න කියලා.
නියම සාමය අප තුල ඇතිවන්නටනම්, ඒ ඇදහිල්ල අප තුල තිබිය යුතුයි. ලොවේ සැබෑ සාමය ඇති වන්නටනම්, ඒ ඇදහිල්ලට විරුද්ධවන ඕනෑම දෙයකට විරුද්ධ විය යුතුයි. ඇදහිල්ලට විරුද්ධව එන ඕනෑම පණිවුඩයක්, එය පැමිණෙන්නේ අපේම පවුලේ කෙනෙකුගෙන් වුවත්, ඊට විරුද්ධ වන්නට අපට පිළිවන් විය යුතුයි. එවිට පවුලේ සාමය කඩ වුනත්, ලොවේ සාමය කඩ වුණත්, එමගින් හැම දෙනාගේ සිත්වල සාමය ඇති කරන්නට හැකි වෙනවා.
ජේසු තුමන් ගෙනාවේ, දහසක් මගේ වම් පසින් වැටුනත්, දස දහසක් මගේ දකුණු පසින් වැටුණත්, මම දෙවියන් සමඟ සිටින තාක්, මා වට්ටන්නට කිසිවකුට බෑ කියල මගේ සිත තුළ ඇතිවන සාමයි. අවට ගිනි ගත්තත් දෙවිඳුන් අප සමඟ නිසා, ඒ සාමය අයිති කර ගන්නට, ඒ සාමය පතුරන්නට වෙහෙසෙමු.
ජේසු සමිඳුනි, ඔබ අපට තබා ගිය ඔබගේ සාමයෙන් අප සිත් පුරවා ගන්නට අපට සහය වුව මැනව.
.

Prayer :ජේසු සමිඳුනි, ඔබ අපට තබා ගිය ඔබගේ සාමයෙන් අප සිත් පුරවා ගන්නට අපට සහය වුව මැනව.